Friday, June 19, 2015

ආකල්පමය වෙනසක් කරා


ශ‍්‍රි  ලංකාවේ පොදු ස්ථාන කරා ඇදෙන බහුතර ජනතාව දෙස බලන කොට ඔවුන් පෞද්ගලික පවිත‍්‍රතාවය මැනවින් ආරක්සා කරගෙන සිටියද පොදු ස්ථාන තුල පිරිසිදුකම ආරක්ෂා කිරීමට මිනිසුන්ට කිසිදු සැලකිල්ලක් නැත. ඒ ඔවුන් ඒවා රජයේ යැයි සිතන නිසාද බලන්න නගරයේ බස් නැවතුම් පොළවල් අසල තියෙන කුණු කන්දරාව ඒ වගේම පොදු වැසිකිළිවල අපවිත‍්‍රතාව දුම්රිය ස්ථාන වගේම මහාමාර්ග වල බුලත් කෙල ගහලා විනාශ කරලා තියෙන විදිහ

   ඉතිං අපි සොබා දහමට ආදරේ කරන්න නම් සොබා දහමේ ආශිර්වාදය ලබා ගැනීමට නම් අප අවට පරිසරය පිළිබද මැනවින් සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම බස් රථ දුම්රිය මෙන්ම පොදු වැසිකිලි වැනි ජනතා සුභ සිද්ධිය සදහා ඇති වස්තූන් ආරක්ෂා කර ගැනීම තමන්ගේස සැප පහසුවටත් පිරිසිදුකමටත් ඉතාමත් වැදගත් කරුණක් බව සිතිය යුතුයි. ඉතිං අපේ රටේ මොන දේ සංවර්ධනය වුනත් මිනිසුන් ආකල්පමය වශයෙන් පහත් නම් ඒ සංවර්ධනයේ ඇති පලක් නැත ඒ නිසා සංවර්ධනයේ සැබෑ අරුණලූ ලගා කර ගැනීමට නම් අප විසින් අනිවාර්යෙන්ම තමන් ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගැනීම කල යුතුම දෙයකි
 තරංග






No comments:

Post a Comment