Saturday, June 13, 2015

කොන්කී‍්‍රට් වනාන්තරේ අපි

 


      



ඔබ දන්නවද අප ජිවත් වන්නේ සුළු කාලයක්  නමුත් ඒ සුළු කාලය තුළ අපට ඉටු කල යුතු යුතුකම් වගකීම් මෙන්ම ජිවත් වීම සදහා යම් කිසි වෘත්තියක නියැලෙන්නටත් සිදු වෙනවා නමුත් දිනෙන් දින අප මානසික වශයෙන් තෘප්තිමත් නොමැති භාවයට පත් වී තිබෙන්නේ කාර්ය බහුල ජිවිතයකට හිර වෙලා නිසයි

    ඒත් එකක් කියන්න පුළුවන් ඒ තමයි අපි කොතරම් කාර්ය බහුල වුනත් සිත සැහැල්ලූ කර ගන්න අපට දවසේ මොනයම් හෝ වෙලාවක් වෙන් කරවා ගන්න පුළුවන් ඒ චිත‍්‍රපටයක් බලලා වෙන්න පුලූවන් හවසට පිට්ටනියට ගිහින් සෙල්ලම් කරලා වෙන්න පුලූවන් නැතිනම් දු දරුවන් සමග තමන් අදහන ආගමානුකූල ක‍්‍රියාවක නිරත වෙලා වෙලා වෙන්න පුලූවන්
        කොන්ක‍්‍රීට් වනාන්තරේ දිනෙන් දින දුෂණයට පත් වෙනවා කියන එක ආයෙමත් අමුතුවෙන් කියන්න  ඕන දෙයක් නෙවෙයිනි ඉතිං අපිට පුලූවන් විදිට අපි පැළයක් සිටුවීම අනාගතයට කරන ආයෝජනයක් කිව්වොත් මා නිවැරදියි වර්තමානයේ අපි ශරීරයට එක් කරගන්න බහුතර ආහාර වර්ග විෂ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැකි පමණ පිරිසිදු එළවළු පළතුරු ආහාරයට ගැනීමට පුරුදු වීමත් ව්‍යායාම හා මානසික තෘප්තිය ලගා කර ගැනීමත්  තුලින් අප හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ශක්තිය ලගා කර ගත හැකිය
ඉතිං යාළුවනේ දවසින් දවස විනාශ වන පරිසරය රැක ගැනීමටත් තමන්ගේ ශරීර සුවතාව ගැනත් මීට වඩා අපේ අවධානය යොමු කල යුතුය කියලා හිතෙන්නේ නැද්ද?
     තරංග කුමාර

No comments:

Post a Comment