Monday, June 22, 2015

මල් කැකුඵ මිළින නොවන්නට


වර්තමානයේ පුවත්පත් ලිපි අන්තර්ගතය පිළිබද අධ්‍යයනයක යෙදුනහොත් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන සිද්ධි ලෙස ළමා අපයෝජනය හදුන්වා දිය හැකියි ඒ නිසා ළමා අපයොජනයක් කියන්නේ මොකද්ද යන්න දැන ගැනීම ඉතාම වැදගත් දෙයකි. සරලවම ළමයින් අයුතු ආකාරයෙන් යොදවා ගැනීම ලෙස මෙය හදුනාගත හැකියි. මෙහිදි ළමයින්ට හිංසාවක් පීඩාවක් අපරාධකාරී ක‍්‍රියාවක් නොසැලකිල්ලක් අපහාසයට හෝ අපහසුතාවයට ලක් වන ආකාරයේ කුමන හෝ ක‍්‍රියාවක් සිදුවීම තුල අපයෝජනයක් සිදු වේ. 
බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂය ළමා  අපයෝජනය හදුන්වා දී ඇත්තේ ළමයින්ට එරෙහිව සිදු කරනු ලබන කායික හෝ මානසික වශයෙන් හිංසාකාරී වන අපරාධකාරී ක‍්‍රියාවක් යන්නයි
ඔක්ස්ෆර්ඞ්  විශ්ව කෝෂය පවසන්නේ ළමයින් විෂයෙහි අනර්ථයක් සිදුවන ආකාරයේ ක‍්‍රියාකිරීම ළමා අපයෝජනය ලෙස හදුන්වා දී ඇත 
1999  දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය පහත පරිදි වේ
ළමයා සම්බන්ධයෙන් බල පැවැත්විය හැකි එසේම ඔහු පිලිබද වගකීම දරනු ලබන හා ඔහු සමග සබදතා පවත්වන තැනැත්තන් විසින් ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම වර්ධනය හෝ අභිමානය කෙරෙහි සැබෑ හානියක් සිදු කරනු ලබන සියලූ ආකාරයේ කායික හෝ මානසික නොසලකා හැරීම ලිංගික අතවර නොමනා ආකාරයේ සුරාකෑම ළමා අපයෝජනය ලෙස සැලකිය හැකිය
ළමා අපයෝජනය ප‍්‍රභේද කිහිපයකට බෙදිය හැකියි. ඒ කායික අපයෝජනය මානසික අපයොජනය හා ලිංගික අපයෝජනය යනුවෙනි. අපේ රටෙි දෙමාපියන්ගේ නොසැලකිල්ල නුගත්කම දරිදාතාවය වැනි හේතු නිසා බෙහෙවින් ළමා අපයෝජන රැුසක් සිදු වෙි. මෙය වර්තමානය වන විට ලොව පුරා ඇති මහත් ව්‍යසනයක් ලෙසට පත් වී තිබේ.ළමයින් යනු අපේ රටෙි අනාගතයයි ඉතිං දරුවන් රැුක ගැනීම අප කාගෙත් යුතුකම වෙි. 
ළමා අපයෝජන වර්ග

ශාරීරික අපයෝජනය 
ලිංගික අපයෝජනය
පෝෂණය නොසලකා හැරීම
වේදනාවට පත් කිරීම 
චිත්ත වේදනාත්මක අපයෝජනය
නීති විරෝධී ලෙස ළමයින් සේවයේ යෙදවීම
ඉහත පරිදි අපයෝජන ළමයින් විෂයෙහි සිදු වීමෙන් ඔවුන්ගේ මුලු අනාගතයම අදුරු වෙන බැවින් එයට විරුද්ධව නැගී සිටීම අප කාගේත් යුතුකම වේ.


    

No comments:

Post a Comment