Sunday, May 31, 2015

රූප පෙට්ටියේ මේකප් ඇන්ටිලා


              
රූප පෙට්ටියේ මේකප් ඇන්ටිලා
සතියේ දිනවලත් සතිඅන්ත දවස් වලද රූපවාහිනියේ සෑම නාලිකාවකම වාගේ විවිධ නම් වලින් උදෑසන වැඩසටහන් විකාශනය වෙනවා. ඒවායේ කාන්තාවන්ටම සුවිශේෂ වු අත්කම් නිර්මාණ රූපලාවන්‍ය සූපශාස්ත‍්‍ර වගේ විවිධ ආකෘතියේ  විවිධ සම්පත් දායකයින් යොදාගෙන කරන මේ වැඬේ ඇත්තටම ගෙදර ඉන්න කොයිකාටත් බලන් ඉන්න හො`දයි තමයි. මෙන්න මේ විදිහට උදේට ටීවී එකේ කියවන අක්කලාටත් සමහර වෙලාවට මේ ගැන අදහසක් නෑ කවුරුහරි කියවන  ඕනෑම දෙයක් එයාලා හරිම දේ වගේ පිලිඅරන්. ඉතිං දවසින් දවස ඇ`ග ලස්සන වෙන්න පාට වැටෙන්න කියලා එක එක බෙහෙත් පෙති ක‍්‍රීම් වර්ග පෙන්නනවා. එකම නිලිය නාලිකා තුන හතරක විනාඩි දහයෙන් දහය ඇදුම් මාරුකරන් කියවනවා.  බලනකොට එයා ලස්සන වෙලා තියෙන්නේ බෙහෙත්ම   බීලා. මේක වැරදි ආදර්ශයක්
    විශේෂයෙන්ම උදෑසන වැඩසටහන් වල ප‍්‍රමිතිය ගැන කථා කරලා වැඩක් නැහැ. හරිම ඒකාකාරීයි. මිටියාවතේ ඉන්න ඔයාලා මේ ගැන දෙවරක් හිතන්න. ඇත්තටම දවසින් දවස නිරෝගි ජිවිතයක් ගතකරන්න කියල හිතාගෙන අතුරු ආබාධ ගොඩක් එක්ක සෙල්ලම් කරල හරියනවද  ඔයාලට මතකද ඇඟ පාට වටිටගන්න ගිහින් බෙහෙත් විදගත්ත අයට උණු දේ. ඉතින් අලූත් අලූත් දේ පෙන්නන රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්‍ෂකවරුන්ට මේ ගැන වගකිමක් තියනවා කියලා හිතන්නත්  ඕනි නේද?

No comments:

Post a Comment