Friday, June 19, 2015

සුන්දර බණ්ඩාරවෙල අසුන්දර පැතිකඩක්


සතර දෙසින්ම කදු වලින් වට වී මිහිදුමෙන් වැසී පවතින්නා වුත් වසර පුරාම සෞම්‍ය දේශගුණයක් පවතින සුන්දර නගරයක් ලෙස බණ්ඩාරවෙල නගරය හදුන්වා දිය හැකිය. මේ නිසාම දේශිය මෙන්ම විදේශික සංචාරකයින්ගෙන් පිරී පවතින බණ්ඩාරවෙල නගරය සෑම දිනකම විශාල ජනගහනයකින් පිරී පවති. බණ්ඩාරවෙල නගරය පුරාම නෙත පිනවන දසුන් පැවතියද එහි අසුන්දර පැතිකඩක් නිරාවරණය කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.
බණ්ඩාරවෙල නගරය කදුකරයේ පවතින නගර වලින් සුවිශේෂි නගරයක් වන්නේ අන් නගර වලට සාපේක්ෂව පහසුකම් අතිනුත් ජිවත් වීමට සුදුසු කාලගුණික තත්වයකුත් පැවතීම හේතුවෙනි. මේ නිසාම විවිධ පැති වලින් පවා පිරිස් පැමිණ මෙහි නවාතැන් ගැනීමට මහත් ආශාවක් දක්වයි.
බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඉදිකොට ඇති දැවැන්ත සුපිරි වෙළද සංකීර්ණය මෑතකදී ඉදි කිරීමත් සමග නගරයට ගෙන ආවේ අමුතුම ආලෝකයකි. සෑම පහසුකමක්ම මෙන්ම එහි තුළට ගිය පසු තමන්ට අවශ්‍ය  ඕනෑම කාර්්‍යයක් වුවද පහසුවෙන් කර ගැනීමට හැකි නිසාම මෙම වෙළද සංකීර්ණයට බොහෝ පාරිභෝගික පිරිස් විශාල වශයෙන් පැමිණේ. මෙම වෙළද සංකීර්ණය නගරයේ පාරිභෝගික අවශ්‍යතා සලසන ස්ථානයක් වන අතරම මෑතක සිට නගරයේ නිකරුනේ කාලය ගත කරන පිරිස් මෙය තුළ කාලය ගත කිරීමට පැමිණිමත් සමග පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට ලක් වී ඇත.
එමෙන්ම ටියුෂන් පංති වලට යන මුවාවෙන් නිවෙස් වලින් පැමිණ මෙහි නිකරුනේ කාලය ගත කිරීමට දරුවන් පෙළඹිමත් සමග ඔවුන් නොයෙක් ආකාරයේ අපචාරමය කටයුතු වලට යොමු වීමක් දක්නට ලැබේ. ඉන් එකක් ලෙස මේ තුල පවතින ඉන්ටර්නෙට් කැෆේ තුළට ගොස් අසභ්‍ය දර්ශන බැලීමට කුඩා දරුවන් පෙළඔි ඇත. ඔවුන් තම දෙමව්පියන් තම වියදමට දෙන මුදල් මේ ස`දහා වැය කොට පංති වලට නොයා මේවා හරහා අසභ්‍ය දර්ශන බැලීමට මෑතක සිට යොමු වී තිබේ. පැයකට රුපියල් 60 ක් බැගින් ගෙවා මෙම පහසුකම් නිසා තරුණ , කුඩා පිරිස පමනක් නොව මහල්ලන්ද වර්තමානයේ මෙහි නිකරුනේ කාලය ගත කිරීමත් අසභ්‍ය දර්ශන බැලීමට යොමු වීමක් දක්නට ලැබේ. මෙය සංස්කෘතිකමය වශයෙන් ගැටළුවක් වී ඇති අතර අපචාර වලට යොමු වීමක්ද වේ.
එමෙන්ම බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඇති විශාල ක‍්‍රීඩා පිටිය හා ළමා උද්‍යානය නිතරම ජනයා ගැවසෙන ස්ථානයක් වේ. නමුත් තරුණ පිරිස් මෙහි ගැවසෙන්නේ මෙකි කටයුතු වලට අමතරව තවත් එක් අපචාරමය කටයුත්තකටය. එනම් කලක් සිට බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඇති විශාල ක‍්‍රීඩා පිටිය අසල ගණිකා සේවයක් ක‍්‍රියාත්මක වේ. පුදුමයට කරුණ වන්නේ මෙම ස්ථානයට නුදුරින් පොලිස් ස්ථානයක් පැවතියද ඔවුන්ගේ අවධානයක් මෙම කටයුත්ත කෙරෙහි යොමු වී නොපැවතීමයි. මෙම ස්ථානයේ පවතින  ගණිකා සේවය ප‍්‍රදේශයේ පිරිස් අතර ප‍්‍රසිද්දියට පත් කරුණක් වේ. ගණිකාවන් 07 ක් පමණ මෙහි රැුදෙන අතර ඔවුන් ප‍්‍රවාහනය කිරීමට ත‍්‍රිවීල් කරුවන් හා ඔවුන්ට පහසුකම් සැපයීමට විශේෂ වු හෝටල් හා කාමර පහසුකම් ලබා දෙන පිරිස්ද නගර මධ්‍යයේ සිටී.
විශේෂයෙන් මේවාට දේශපාලන මෙන්ම නීතියේ කිසිදු බලපෑමක් සිදු නොවන අතර ප‍්‍රදේශවාසින් මේ ගැන මහත් කනස්සල්ලෙන් පසු වේ. ප‍්‍රසිද්ධ ජාතික පාසලක් ඒ අසලම පැවතීමත් ළමා උද්‍යානයක් පැවතීමත් නිසා දෙමාපියන් පවසන්නේ මෙම කටයුත්ත නිසා පාසල් ළමුන් හා උද්‍යානයේ කාලය ගත කරන දෙමාපියන් මහත් අපහසුතාවයට පත් වී ඇති බවයි. එමෙන්ම මේ ස්ථානයෙන් ගමන් ගන්නා බොහෝ පිරිසගෙන් මෙම කටයුත්තට දෝෂාරෝපනය එල්ල වේ.
එමෙන්ම සුන්දර බණ්ඩාරවෙල අසුන්දර කරන තවත් එක් කටයුත්තක් වන්නේ නගරය පුරාම සිටින හි`ගමන් යදින පිරිස හා සාස්තර කියන පිරිස නිසාවෙනි. කල්ලි වශයෙන් ජිවත් වන මොවුන් බණ්ඩාරවෙල පුස්තකාලය හා ඔරලෝසු කණුවත් අසලත් නවාතැන් ගෙන සිටින අතර සංවිධානාත්මක කටයුත්තක් ලෙස මෙම ක‍්‍රියාවලිය හ`දුන්වා දිය හැකිය. විශේෂයෙන්ම කලක් තිස්සේ මොවුන් මෙම කටයුත්ත කරගෙන යන අතර පදික වේදිකාවේ ගමන් ගන්නා පිරිසටත් නගරයට පිවිසෙන ජනතාවටත් මෙය ඉමහත් කරදරයක් වී ඇත.
 එමෙන්ම මෙම හි`ගමන් යදින පිරිස උදේ පැමිණ සවස යන අතර මොවුන් හැසිරවීමටද පිරිසක් සිටී. ඔවුන් ජාවාරමක් ලෙස මෙය ක‍්‍රියාත්මක කරගෙන යන අතර එක් සංවිධානාත්මක කල්ලියක් යටතේ මොවුන් පාලනය වේ. එම නිසා මෙම කල්ලි වල නායකයින් මොවුන් හිගමනේ යොදවන අතර ප‍්‍රවාහන පහසුකම් හා ආහාර ලබා දෙන අතර හිමි වන මුදලින් භාගයක් අය කර ගන්නා බවද පැවසේ.
බණ්ඩාරවෙල නගරයේ පාසැල් ඉලක්ක කොට ගෙනද ජාවාරම් කරුවෝ සිය අපචාරමය ක‍්‍රියාවන් මෙහෙවනු ලබයි. විශේෂයෙන්ම ජාතික පාසැල් අසල පාසැල් නිම වන වේලාවන්හිදී මත් ද්‍රව්‍ය හා අසභ්‍ය සීඩි තැටි විකුණන දැවැන්ත ජාවාරමක් සිදු වේ. ඇතැම් පාසැල් ලමුන් මීට හසුවී තිබෙන අතර නිතර මෙකී පාසැල් අසල පොලීසියෙන් රැුදෙන නිසා මොවුන්ට තම ව්‍යාපාර කරගෙන යාමට අභියෝගයක් එල්ල වී ඇත. එමෙන්ම   බණ්ඩාරවෙල නගරයේ පාසැල් නිම වන වේලාවන්හිදී නගරයේ නිකරුනේ කාලය ගත කරන තරුණ පිරිස් පාසැල් ළමුන් ප‍්‍රවාහනය ස`දහා ඇති බස් අසළ රැුදී සිටීමත් ඔවුන් විසින් ල.ං.ග.ම බස් තුළද නිකරුනේ රැුදී සිටීමත්  විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට මහත් අපහසුතාවයක් දෙන කරුණක් වී තිබේ. මොවුන්ගේ නොමනා විහිළු හා කි‍්‍රයාදාමයන් නිසා ශිෂ්‍යාවන් නොයෙකුත් හිංසා පීඩා වලට ලක් වන බව මෙම බස් වල යන වැඩිහිටියන්ගේ අදහස වේ.
නව දේශපාලන නායකත්වයකින් යුතුව දිනෙන් දින සංවර්ධනය වන බණ්ඩාරවෙල නගරයේ සිදුවන මෙවැනි අපචාර කටයුතු හා ¥ෂණ ක‍්‍රියාවලීන් නීතියේ ඇස් වසා කරන ජාවාරම් මැඩලා වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම බලධාරීන්ගේ යුතුකම වේ. එවිට සොදුරු බණ්ඩාරවෙල පුරවරය පෙනුමින් පමණක් නොව යහපත් සදාචාර සම්පන්න පුරවරයක් වනු ඇත.
තරංග

No comments:

Post a Comment