Wednesday, July 1, 2015

හිරිමල් තුරුණු විය



 

 
ජිවිතයේ අපි පහුකරන කාලවකවානු බැලුවම ලස්සනම කාලේ තමයි යොවුන් විය සමාජ සබදතා වගේම ජිවිතයට වගකීම් ටිකෙන් ටික එකතු වන කාලයක් විදිහටත් මේ කාලය හදුන්වන්න පුලුවන් ඉතිං මේ සුන්දරම කාලේ පසුකල දවසක ඒ දිහා සුන්දරව බලන්න පුලුවන් වෙන්නේ අපි අද ගත කරන ජිවිතය අර්ථවත්ව ගත කිරීම තුලිනි ජිවිතය කියන්නේ මහා බාධක මැදින් ගලාගෙන යන ගංගාවක් වගෙයි විටෙක දරුණු දිය පහරවල් ගල් පර්වත ආදිය පසු කරන් ගියත් තවත් විටෙක ශාන්තව ගලාගෙන යන්න පුලුවන් තැනිතලාවක් හමුවෙනවාමයි ඉතිං මේ වගේ තමයි අපේ ජිවිතයත් අපිට කොතරම් බාධක කරදර තිබුණත් අපි අපේ යොවුන් විය අර්ථවත්ව ගත කල යුතු වන්නේ එය අපේම ජිවිතයේ කොටසක් නිසාවෙනි

බොහෝවිට තරුණ වයස කියන්නේ කුතුහලය ආශාව විරුද්ධ ලිංගික ආකර්ශනය එල්ල වන කාලයක් ඉතිං අපේ නොතේරුම් කමට වුවද ඇතැම් වැරදි ආදර්ශයන් වගේම වැරදි ක්‍රියාවන්ටත් හසුවෙන්න පුලුවන් ඉතිං ඒ වගේ වෙලාවන්වලදී හැගීම් වලට වගේම බුද්ධියටත් කතා තරලා සුදුසුම දේ කරන එකයි අපේ ජිවිතයේ සාර්ථකත්වය උදෙසා කරන්න පුලුවන් එකම දේ

තරුණයින්ට වගේම තරුණයන්ටත් යොවුන්විය සොදුරු මතකයන් ගෙන දෙන කාල වකවානුවකි එහිදි ප්‍රේම සබදතා ඇතිකරගන්න එක සාමාන්‍ය දෙයක් නිසාවෙන් අපේ අදහස් හැගීම් තේරුම් ගත් කෙනෙක්ම තොරාගත යුත්තේ එසේ නොවන විට මානසික වශයෙන් දෙදෙනාම පීඩාවට පත් වන නිසාය

ඉතිං තරුණයින් මේ කාලයේ මත් ද්‍රව්‍ය වලට පුරුදු වීම සාමාන්‍ය දෙයක් වුවද තම ශරීර යහපත හා සුන්දර බව හානි කරනවා පමණක් නොව එය අපේ ජිවිතයටද ගැටලුවක් කියලා හිතන්න ඕනි

මෙන්න මේ වගේ අභියෝග බිද දමා ගෙවන යොවුන්විය අපේ ජිවිතයේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් කැපකරන සුන්දරම කාලයක් කර ගත්තොත් අපේ ඉදිරි ජිවිතය සාර්ථකත්වයට එය මහගු පිටුවහලක් වෙනවා ඉතිං මේ කාලයේ වැඩිහිටි ඔවදන් ගුරුවරුන්ගේ මගපෙන්විම මෙන්ම සමාජ අත්දැකිම් ඔස්සේ විශාල වගකීමක් තම පිට මත පැටවුනත් අපි හොදින් හිටියොත් එය අපේ අනාගතය ලස්සන කරනවා සත්තයි දවසක

පන්නරය












විටෙක කර්කෂය
විටෙක සියුමැලිය
විටෙක තනිවමය
විටෙක මහපිරිවරය
ගගකි මෙය
බාධාවන් අතරින් ගලන
යා යුතු වේ ඉදිරි ගමන
සතුට සැනසුම සොයමින
ඇතය ඔබ දෙස බලා
පරපුරක් ඔබ ගැන සිතා
ඉටු කල යුතුය නොඅඩුවම
වගකීමක් නොව යුතුකමක් යැයි සිතා
මෙයයි ජිවිතය සබද
කල යුතුය මෙහෙවර ලොවට
වානයක් සේ පන්නරය ලබා 

 

 

 

ඇය



 
 
 
 
 
 
ලොවම මිහිමත දරා ගන්නිය
සෙනෙහෙ සුවදින් හොවා ලන්නිය
දුකද සැප රිසි දරාගන්නිය
       ඔබය ප්‍රාණය ලොවෙහි සැමකල්

භාෂාව හා මිනිස් ජන වහර.


මානව වර්ගයා අන්‍ය  සත්වයන්ගෙන් වෙනස්වන ප‍්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නා භාෂාවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එනම් අන්‍ය සත්වයන්ට නොමැති තරම් දියුණු සන්නිවේදන ක‍්‍රමයක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. මනුෂ්‍යයාගේ භාෂාව කොටස් 02 ක් ලෙස හදුන්වාදිය හැකිය. ඒ අතර ශබ්ද මගින් ඉදිරිපත් වන භාෂණය හා අක්ෂර මඟින් ඉදිරිපත් කෙරෙන ලේඛනය යන දෙකයි.
කිසියම් භාෂා සමාජයක් පිළිබඳ කරනු ලබන අධ්‍යයනයකදි භාෂණය වැදගත් බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි. භාෂණ මාධ්‍යය ලේඛන මාධ්‍යයට වඩා පැරණි වීම මීට හේතුවක් විය හැකිය. මානව ශිෂ්ටාචාරයේ ලේඛනය පහළ වී ඇත්තේ මිනිසා විසින් කතා බහේදි පිට කරනු ලබන ශබ්ද සංකේත මඟින් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මානව ශිෂ්ටචාරයේ වර්ධනයත් සමඟ මිනිසාට ස්වකීය අදහස් උදහස් තමන්ගේ ලඟා ඉන්නා අයගෙන් දැන ගැනීම සඳහා ඇති අවශ්‍යතාව සපුරා ලනු වස් ලේඛනය බිහි විය.
භාෂණ මාධ්‍යයෙහිලා භාවිත කරන භාෂා ස්වරූපය හසුරුවනු ලබන්නේ විධිමත් අධ්‍යාපනයකින් නොවේ. නුතනයේදී ජනමාධ්‍යයේ සීඝ‍්‍ර දියුණුවත් වර්ධනයත් නිසාම භාෂාවේ වැදගත්කම පෙරටත් වඩා ඉස්මතු වෙමින් පවති. ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය වැනි මෙවලම් හේතුවෙන් සන්නිවේදන කාර්්‍යයෙහිලා භාෂාවේ වැදගත්කම පිළිබඳ නූතන වාග් විද්‍යාඥයින්ගේ මතයයි.
භාෂණය ලේඛනය තරම් විධිමත් නොවුවද බස හසුරුවන කිසියම් නීති රිති පද්ධතියක් හෙවත් ව්‍යාකරණයක්ද එහි දැකිය හැකිය. ග‍්‍රන්ථාරූඪ භාෂාව මෙන්ම පොදු ජනතාව අතර ප‍්‍රචලිත බොහෝ ප‍්‍රදේශික ව්‍යවහාර කිසියම් රටා සමුදායකට අනුව ගොඩ නැගුණු අර්ථයෙන් යුත් වහරක් බව ප‍්‍රාදේශිය ව්‍යවහාර අධ්‍යනයේදී සනාථ වේ. ලේඛන ව්‍යවහාරයේදී සම්මත භාෂා රීති මඟින් හසුරුවන ලබන අතර භාෂණය හෙවත් කටවහර අවස්ථානුකූලව පරිසරය අනුව වෙනස් වනු දැකිය හැකි වේ. මේ හේතුව නිසා ජනවහර අධ්‍යයනයේදී හුදෙක් භාෂණය පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොව ප‍්‍රාදේශිය විවිධතා සමාජ ස්ථර ආර්ථික සංස්කෘතික රාමුවට ප‍්‍රදේශයට සීමා වු ව්‍යවහාර ප‍්‍රභේද උත්පාදනය වී තිබේ.
ජනවහර ලෙස සැලකෙන්නෙ   විධිමත් ව්‍යාකරණ නීති රිති මඟින් මෙහෙයවන විධිමත් අධ්‍යාපනයක් නොලැබු පොදු ජනතාව අතර නිරායාසයෙන් භාවිත වන භාෂාවයි. එහිදි විධිමත්් අධ්‍යාපනයක් නොලත් යනු නූගත් පිරිසක් නොව ඔවුන් තමන් ලද අත්දැකීම් තුළින් පරිණත බුද්ධියකින් හෙබි පිරිසක් වේ.
ජනවහරේ වුවද විවිධ වෙනස්කම් දක්නට ලැබේ. නිදසුන් ලෙස ගතහොත් ප‍්‍රදේශයක ජනවහර තවත් ප‍්‍රදේශයක ජනවහරට වඩා සුළු හෝ සැළකිය හැකි වෙනස්කමකින් යුතු වේ. මෙබදු වෙනස්කම් පළාත් වහර නමින් හැඳින්විය හැකිය. වචන කෝෂය උච්ජාරණය ආදි වශයෙන් පළාත් වහරේ විශේෂතා හමු වේ. මෙබදු වචන හෝ යෙදුම් හෝ අවිධිමත් යැයි කිසිසේත් සැලකිය නොහැක. එම වචන වලින් ප‍්‍රකාශ කෙරෙන අර්ථ වලට සමීප වෙනත් වචන ගත් වහරෙහිද සොයා ගැනීම අපහසු නොවේ. ගැමියන් එම වචන භාවිතා කරනු ලබන්නේ ස්ථානයට අවස්ථාවට උචිත අන්දමිනි.
ඒ ඒ පළාත් වහරෙහි වදන් වල පමණක් නොව යෙදුම් වලද ගැමි ගතියක් දක්නට ලැබේ. එපමණක් නොව වාග් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබන වියරණ රිති සහ වාග් විද්‍යානුකූල ලක්ෂණ ජන වහරක් අධ්‍යයනය කිරීම තුල අපට හදුනා ගැනීමට හැකි වේ.
භාෂාව සංස්කෘතියේ වර්ධනයත් සමඟ වෙනස් වන්නකි. එවකට ගැමි ජනවහරෙහි භාවිතා වු ඇතැම් වදන් නිරායාසයෙන්ම අද වන විට අභාවයට ගොස් ඇත. නුතන ජනමාධ්‍ය ව්‍යාප්ත වීම ,ප‍්‍රවාහන කටයුතු දියුණු වීම, ග‍්‍රාමීය ආර්ථිකය සංකීර්ණ බවින් යුක්ත වීම ,නාගරීකරණය යන ලක්ෂණ හේතු කොට ගෙන භාවිත බසේද වෙනස්කම් ගණනාවක් හදුනාගැනීමට අද වන විට හැකි වී ඇත. ජන වහරක් වුවද නාගරික ජන වහර සමඟ සංකලනය වෙමින් වර්තමානයේදී සීඝ‍්‍ර වෙනස්කම් වලට ලක් වී ඇත එවිට ජනවහරට අළුත් වදන් එකතු වන අන්දමක් දක්නට ලැබේ.
සාමාන්‍ය කතා බහේදී පොදු ජනයා ව්‍යවහාර කරනු ලබන වදන් මාලාව ජන වහර නම් වෙයි. ගැමියන් සිය සාමාන්‍ය කතා බහේදී භාවිතා කරනු ලබන ඔවුන්ටම ආවේණික වු විශේෂ වදන් පෙළ ගැමි ජන වහර යනුවෙන් හදුන්වා දිය හැක. එසේ වුවත් වර්තමානයේදී පැහැදිලිව දැකගත හැකි වන්නේ විවිධ පළාත් බදව භාවිතා වන බස් වහරෙහි වෙනස්කම් විවිධතා රැුසක් ඉස්මතු වී ඇති බවයි.
සිංහල භාෂාව ජීව භාෂාවක් වන අතර පොදු ජනයා එදිනෙදා ජිවිතයේදී භාවිතා කරනු  ලබන බස් වහරක් වෙනම පවතින අතර එය ජීවි භාෂාවක් ලෙස හදුන්වා දිය හැකිවේ.
 ඕනෑම ජීවි භාෂාවක් අලූත් වචන හා යෙදුමි එක් වෙමින් පෝෂණය වී වර්ධනය වෙමින් පවති.
එසේම කාලයත් සමඟ ඇතැම් වචන කලක් ගත වන විට අභාවයට ගොස් ඇති අන්දමක් දක්නට ලැබේ. එනම් මුලින් තිබු අර්ථය වෙනස් වී අලූත් අර්ථයක් නිපදවීමට සමත් වීමයි මේ ලක්ෂණ ජීව භාෂාවක ලක්ෂණ ලෙස හදුනා ගත හැකි වේ.
ශ‍්‍රි ලංකාව තුල වැඩි ජනගහනයක් තවමත් ජීවත් වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වලය. සිය මව්බස පමණක් වහරන වැඩි දෙනෙක් ගැමියෝ වෙති. තම අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුහු විවිධ උපක‍්‍රම යොදා ගනු ලැබේ. එමඟින් අලූත් වචන හා නව්‍ය බවකින් යුතු යෙදුම්ද නිපද වේ. සිංහල ගැමි වහරේ වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ ඉඟි වැකි හෙවත් රූඪි යැයි අප හදුනා ගන්නා ප‍්‍රභේද වෙති.
තම අදහස නිවැරදිව හා තියුණු ලෙස අර්ථවත්ව අසන්නාට වහා වටහාගැනීම නිරායාසයෙන්ම ගැමියෝ ඉඟි වැකි හෙවත් රූඪි උපමා යොදා ගන්නා ලදි එමඟින් බස සජීවි මෙන්ම රසවත් වී ඇති බව දක්නට ලැබේ මෙයට අමතරව ප‍්‍රස්ථා පිරුළු හා ආප්තෝපදේශද  භාවිතා කරනු ලැබේ.
වෙනත් බසකින් බිඳගත් වචන වුවද ගැමියා හසුරුවන්නේ තම කට වහරට උචිත වන පරිද්දෙනි. මෙතුලින් බසට අලූත් වචන එකතු වී බස පෝෂණය වීමක්ද සිදු වී ඇත. ඇතැම් වචන දෙමළ බසින් ද ඇතැම් වචන පෘතුගී‍්‍රසි ලන්දේසි බසින්ද පෝෂණය වී තිබේ. වර්තමානයේදී ඉංග‍්‍රිසි බසින්ද විශාල වචන සංඛ්‍යාවක් හෙළ ගැමිජන වහරට එක් වී සම්මිශ‍්‍රණය වී තිබේ.
ගැමි වහරෙහි තවත් ආවේණික ලක්ෂණයක් ලෙස පළාත්බද විෂමතාව අනුව ඇතැම් විට කුල පරම්පරාව අනුවද වචන හා යෙදුම් එකිනෙකට වෙනස් ස්වරූපයකින් දක්නට ලැබේ. එකම අදහසක් අර්ථයක් දැක්විම සඳහා එක් පලාතක ජන කොට්ඨාශයක් භාවිතා කරන වචන වලට වඩා වෙනස් වචන වෙකත් පලාතක හෝ ජන සමූහයක් අතර වෙනත් ස්වරූපයකින් භාවිත වේ. මෙය ස්වභාවික ලක්ෂණයක් ලෙස අපට හදුනා ගත හැකි වේ. ජන වහරට වෙනත් බසකින් ඈඳා ගනු ලබන වචන ඇතැම් අවස්ථාවන්හිදි පවතින බසේ ශිෂ්ට සම්පන්න බව හා අර්ථ විකෘති කිරීමේ හැකියාවක්ද පවතින බැවින් උචිතම වදන් පමණක් භාවිතයට ගන්නේ නම් පවතින බසේ ජීවි ගූණය රැුක ගනු හැකි වේ.
සිංහල භාෂා ව්‍යවහාරයේදී එකම පදය හෝ යෙදුම විවිධ අවස්ථා වලදී විවිධ අර්ථ දනවන සේ යොදනු ලැබේ. එසේම එක් ප‍්‍රදේශයකදී යම් කිසි අර්ථයක් දැක්වීම සඳහා යොදන වදනක් තවත් ප‍්‍රදේශයකදී වෙනත් අර්ථයකින් භාවිතා කරනුද දැකිය හැකිය. ප‍්‍රාදේශිය භාෂා ව්‍යවහාරයන් එකිනෙකට වෙනස් බවක් දක්වන එක් ප‍්‍රධාන කරුණක් ලෙස මෙය දැක්විය හැක.
ශි‍්‍ර ලංකාවේ තවමත් පවතින කුල ගෝත‍්‍ර නොහොත් පරම්පරා අනුවද භාවිතා කරන වදන් හා උච්චාරණ විධි එකිනෙකට වෙනස් බවක් අපට දැකගත හැකිය. වචනාර්ථ ප‍්‍රාදේශිය වශයෙන් වෙනස් වන්නා සේම උච්චාරණ විධියද විවිධ වේ. එක් එක් පළාතේ ගැමියන්  විසින් වචන හෝ වැකි හෝ උච්චාරණය කරනු ලබන පිළිවෙල අනුවද එකම අදහස විවිධාකාරයෙන් පැවසේ ප‍්‍රාදේශිය ව්‍යවහාරයන්හි පවත්නා මඳ විෂමතාව වුවද පැහැදිලිව පෙනේ්.

Thursday, June 25, 2015

මනාලි




















බියුටි සැලොන් සර්ප්රයිස් ඩාන්ස්
පුරුදු වුනේ මාස ගණන්
රට වටටම මගුල් කවා
ගෙනා මගේ මනාලි
අතේ සතේ නැතත් මගේ
කලේ මගුල් උජාරුවට
එහා ගෙදර උන්ට වඩා
අපේ මගුල ලොකු කරන්ට
නෑයෝ ගිහින් ගෙවල් වලට
ගෙදර අපේ අපි විතරයි
උදේ ඉදන් රෑ වෙනකම්
අම්මා ගණන් හදන්නේ
බැංකු ලෝන් අතකරබඩු
ඔලුව වටේ මැසිවිල්ලයි
සල්ලි අතේ නැතත් අනේ
බිරිද නිතර සැලොන් එකේ

කුරුල්ලා


















ආල හැගුම් ඉගි බිගි පාන කුරුල්ලා
පේන ලෙසින් නෙතු මානේ දැවටිලා
නේක සුසුම් සැලු සුලගේ පාවෙලා
මොදු වුනා සද ‍ලෙසින් පුර්ණිමා
නොසිතු ලෙසින් ආ චණ්ඩ මාරුතේ
රැගෙන ගියා නුඔ සුලං තරංගේ
පෑව සෙනෙහෙ පපු කුහරේ හිරකරන්
තාම හිතේ දුක නොමැත පාවෙලා
නොමැත දුකක් මට ඔබට සතුටු නම්
සුලං තරංගේ සෙනෙහේ දැවටිලා
නමුදු ප්‍රියේ මං තවම සොයනවා
කොහිද ගියේ මගේ කවුලු හිර කරන්
ලෙසත් සිතනවා නිතර සබද මං
මෝදු වෙලා එනු ලෙසින් චන්ද්‍රයා

 

ආවර්ජනා















නිහැඩියාව නිසංසල බව
දැනුනු මොහොතක්
නිසල සිරුරක් පාවෙන සිතක්
ජිවිතයේ හමු නොවුනු
මිනිසුන් දරුවන්
ආවා ගියා ඇඩුවා දෙඩුවා
දැනුනා මහ මූසලක්
ඒත්
ලැබුනානම් මෙවන් සෙනෙහසක්
ජිවත්ව සිටියදී
නමුත් මට මමම අමතක විය
මිය ගිය සිරුරක්ය මා

ජිවිතය






















ජිවිතය
හුදු ගීතයක් නොව
උත්තුංග ප්‍රේමයෙන්
සත්සර නගන
නමුදු
කිහිරගුරු කතාවක්ද නොව
දෙපා රුහිරෙන් තෙමන
විටෙක සිහිල් මාරුතයක්ය
ගතට සිසිලස සදන
ජිවිතය ගං දියක
බාධාවක් අතරින් ගලන

බෑ දැන් මට

















පොඩි හාමුදුරුවනේ
කහ සිවුර ගත දැවටි
සෙල්ලම් කරන්න දැන් බෑ මට
සම්මා සමාධියෙන් සිත සිර කොට
භාවනාවේ ගිලී ඉන්න බෑ දැන් මට
සිත දුවනවා අම්මා ලගට
ධම්ම පදය අමතක වෙයි මට

පිවිතුරු පෙම
















පුර්ණිමා රාතියේ
නිවයි ලොවෙහි ඝනදුරුපට
ගෙනෙයි එලිය සවණක් ඝන
ලෙසයි ඔබේ පිවිතුරු පෙම
විලස මෙමට දැනුනු එලෙස
වාලුකා නිරුදක කතරට
කලණ මිතුරු පැන විලසින්
සෙනෙහයෙන් හද නැහැවු
ඔබයි මගේ අංජනා

උපාසකම්මා


 











දාන පාරමිතාව
අතපය වාරුනැති
අසරණ යාචකයාට
කුසගිනි නිවාගන්න
රුපියලක් ‍නොදෙන
සැදැහැවත් උපාසකම්මලා
පොරකති දානේ ලිස්ට් එකට
මාලිගා වලට දන් දෙන්න

Monday, June 22, 2015

මල් කැකුඵ මිළින නොවන්නට


වර්තමානයේ පුවත්පත් ලිපි අන්තර්ගතය පිළිබද අධ්‍යයනයක යෙදුනහොත් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන සිද්ධි ලෙස ළමා අපයෝජනය හදුන්වා දිය හැකියි ඒ නිසා ළමා අපයොජනයක් කියන්නේ මොකද්ද යන්න දැන ගැනීම ඉතාම වැදගත් දෙයකි. සරලවම ළමයින් අයුතු ආකාරයෙන් යොදවා ගැනීම ලෙස මෙය හදුනාගත හැකියි. මෙහිදි ළමයින්ට හිංසාවක් පීඩාවක් අපරාධකාරී ක‍්‍රියාවක් නොසැලකිල්ලක් අපහාසයට හෝ අපහසුතාවයට ලක් වන ආකාරයේ කුමන හෝ ක‍්‍රියාවක් සිදුවීම තුල අපයෝජනයක් සිදු වේ. 
බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂය ළමා  අපයෝජනය හදුන්වා දී ඇත්තේ ළමයින්ට එරෙහිව සිදු කරනු ලබන කායික හෝ මානසික වශයෙන් හිංසාකාරී වන අපරාධකාරී ක‍්‍රියාවක් යන්නයි
ඔක්ස්ෆර්ඞ්  විශ්ව කෝෂය පවසන්නේ ළමයින් විෂයෙහි අනර්ථයක් සිදුවන ආකාරයේ ක‍්‍රියාකිරීම ළමා අපයෝජනය ලෙස හදුන්වා දී ඇත 
1999  දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය පහත පරිදි වේ
ළමයා සම්බන්ධයෙන් බල පැවැත්විය හැකි එසේම ඔහු පිලිබද වගකීම දරනු ලබන හා ඔහු සමග සබදතා පවත්වන තැනැත්තන් විසින් ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම වර්ධනය හෝ අභිමානය කෙරෙහි සැබෑ හානියක් සිදු කරනු ලබන සියලූ ආකාරයේ කායික හෝ මානසික නොසලකා හැරීම ලිංගික අතවර නොමනා ආකාරයේ සුරාකෑම ළමා අපයෝජනය ලෙස සැලකිය හැකිය
ළමා අපයෝජනය ප‍්‍රභේද කිහිපයකට බෙදිය හැකියි. ඒ කායික අපයෝජනය මානසික අපයොජනය හා ලිංගික අපයෝජනය යනුවෙනි. අපේ රටෙි දෙමාපියන්ගේ නොසැලකිල්ල නුගත්කම දරිදාතාවය වැනි හේතු නිසා බෙහෙවින් ළමා අපයෝජන රැුසක් සිදු වෙි. මෙය වර්තමානය වන විට ලොව පුරා ඇති මහත් ව්‍යසනයක් ලෙසට පත් වී තිබේ.ළමයින් යනු අපේ රටෙි අනාගතයයි ඉතිං දරුවන් රැුක ගැනීම අප කාගෙත් යුතුකම වෙි. 
ළමා අපයෝජන වර්ග

ශාරීරික අපයෝජනය 
ලිංගික අපයෝජනය
පෝෂණය නොසලකා හැරීම
වේදනාවට පත් කිරීම 
චිත්ත වේදනාත්මක අපයෝජනය
නීති විරෝධී ලෙස ළමයින් සේවයේ යෙදවීම
ඉහත පරිදි අපයෝජන ළමයින් විෂයෙහි සිදු වීමෙන් ඔවුන්ගේ මුලු අනාගතයම අදුරු වෙන බැවින් එයට විරුද්ධව නැගී සිටීම අප කාගේත් යුතුකම වේ.


    

Friday, June 19, 2015

දහම








වස්තුව නිලබල
තරහ ක්‍රෝධය
කරපිට පින්නා
සිටියද නිරතුරු
යා යුතු වේ හැම
සක්වල හැරදා
නිතැත් දහමටම
සැම හිස නමලා
                  තරංග

ආකල්පමය වෙනසක් කරා


ශ‍්‍රි  ලංකාවේ පොදු ස්ථාන කරා ඇදෙන බහුතර ජනතාව දෙස බලන කොට ඔවුන් පෞද්ගලික පවිත‍්‍රතාවය මැනවින් ආරක්සා කරගෙන සිටියද පොදු ස්ථාන තුල පිරිසිදුකම ආරක්ෂා කිරීමට මිනිසුන්ට කිසිදු සැලකිල්ලක් නැත. ඒ ඔවුන් ඒවා රජයේ යැයි සිතන නිසාද බලන්න නගරයේ බස් නැවතුම් පොළවල් අසල තියෙන කුණු කන්දරාව ඒ වගේම පොදු වැසිකිළිවල අපවිත‍්‍රතාව දුම්රිය ස්ථාන වගේම මහාමාර්ග වල බුලත් කෙල ගහලා විනාශ කරලා තියෙන විදිහ

   ඉතිං අපි සොබා දහමට ආදරේ කරන්න නම් සොබා දහමේ ආශිර්වාදය ලබා ගැනීමට නම් අප අවට පරිසරය පිළිබද මැනවින් සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම බස් රථ දුම්රිය මෙන්ම පොදු වැසිකිලි වැනි ජනතා සුභ සිද්ධිය සදහා ඇති වස්තූන් ආරක්ෂා කර ගැනීම තමන්ගේස සැප පහසුවටත් පිරිසිදුකමටත් ඉතාමත් වැදගත් කරුණක් බව සිතිය යුතුයි. ඉතිං අපේ රටේ මොන දේ සංවර්ධනය වුනත් මිනිසුන් ආකල්පමය වශයෙන් පහත් නම් ඒ සංවර්ධනයේ ඇති පලක් නැත ඒ නිසා සංවර්ධනයේ සැබෑ අරුණලූ ලගා කර ගැනීමට නම් අප විසින් අනිවාර්යෙන්ම තමන් ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගැනීම කල යුතුම දෙයකි
 තරංග






ඉරණම


දිනක හිදින්නැති නුඔත් කිරිල්ලියක සේ
එදින සිතන්නැති තුරුණු ළදැරියක සේ
පදවි ලබන්නැති ලොවකට මව් සේ
දරුවෝ ලබන්නැති දැයට රජුන් සේ
කල් යල් ගෙවීලා ඔබටත් හොරසේ
අත් වු ඉරණම ගැන නොම කිළිටක්
එනිසයි මහතුනේ ඇය අද බසයේ
කාසි පනම් නැති මුත් මහමෙර සේ
පැතුමයි ඇයගේ ඔබෙ හෙට දිනුමයි
ලොතැරැයි කූඩුව ඇගෙ බද පටලා
මා නෙත් යයි උණු කදුලින් රූරා
තරංග


කුමරි කුමරු හීන අබියස අපේ තාරුණ්‍යය


 













        ඕනෑම රටක ශ‍්‍රම ආයකත්වය පිළිබද විමසීමේදී එහි වැදගත් සම්පතක් ලෙස එරට වෙසෙන තරුණ පිරිස පිළිබද අවධානය වැදගත් වේ තරුණ වයස ජිවිතයේ ඉතාම සුන්දර කාලයකි මන්ද නිදහස සැහැල්ලූව පමණක් නොවේ පේ‍්‍රමණිය හැගුම් පහළ වීමද මෙකල සුවිශේෂී සිදුවීමකි එමෙන්ම විලාසිතා වලට නැඹුරු වීම විරුද්ධ ලිංගික ආකර්ශනය ලබා ගැනීමට කටයුතු කිරීම වැනි ගොඩක් දේවල් ඉතිං මේ කාලයේ තමයි කරන්නේ ඒත් අවාසනාවට අපේ රටේ මාධ්‍ය කර්මාන්තය තුල තාරුණ්‍ය හැගීම් ඔවුන් වෙළද අරමුණු කරගෙන අසාදුරු තාරුණ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරන අයුරු මේ දවස් වල රූපවාහිනියේ නාලිකා වල සිදු කරනු ලබන කුමරා කුමරි තේරීමේ තරග වල දක්නට ලැබේ.
විහේෂයෙන්ම එහි විනිශ්චයකරුවන් ඉදිරියේ ගොන්පාට් වන අපේ තාරුණ්‍යය කිසිසේත් අපේක්ෂා නොවන අයුරින් ඇතැම් විනිශ්චයන් දෙනු ලැබේ සංසන්දනය කිරීම් වැනි ක‍්‍රියා තුල දියවී යන්නේ අපේ රටේ තාරුණ්‍යයේ සොදුරු හැගුම්ය ඉතිං මේ වැඩසටහන් වලට ඉදිරිපත් වන තරුණ පිරිස්ටද තමන්ගේ ජිවිතය ගැන වගකීමක් දැක්මක් අනන්‍යතාවයක් තිබිය යුතුයි තමන්ගේ ජිවිතය අයිති තමන්ට මිසක් ඒක වෙන කාගෙවත් අනිසි ලෙස පාලනය කරන්න දෙන්න එපා තම ඇග පත පෙන්වා ජනප‍්‍රිය සංස්කෘතියේ එල්ලිලා ජිවිතේ විනාශ කර ගන්නවද තරුණ ආකල්ප තුලින් යහපත් දෙයක් කරලා තමන්ටත් රටටත් වැඩ දායක දෙයක් කරනවද කියලා තීරණය ඉතිං තරුණ පිරිස් අතේම තමයි තියෙන්නේ
තරංග

ගත වෙනතක උව සිත ඔබෙ හිමියනි


යශෝදරාවක් නොවෙයි ස්වාමිනි
ඔබ හැර ගියතොත් මා ඉවසන්නට
යශෝදරාවට නොවෙයි ප‍්‍රියේ මට
නොමැත රාජ පිරිවර සැප සම්පත්
දිවියේ කොතරම් බාධක තිබුණත්
යශෝදරාවට වැඩිය පිනැති මං
වෙමි ඔබෙ පියකරු ප‍්‍රියංම්භිකා මං
ලොවක් මෙමට වෙසගන යැයි කීවත්
හිමියනි තාමත් ඔබ මගේ ගෙපැලේ
ගතින් විසූවත් වෙනයම් පහසක
සිතින් පැතුයේ ඔබෙ පෙම් මුදු පහසයි   
නොමැත කරන්නට දෙයක් මෙමට අද
මං එනතුරු දරු පැටවුන් භාරයි
  

තරංග

ඇයට අහිමි ඇය









      විවිධ සමාජ සම්මතයන් , විවිධාකාර වු සංස්කෘතික පසුබිම්හි පවතින එල්බ ගත් අදහස් ආකල්ප හේතුකොට ගෙන එකී සංස්කෘතික සන්දර්භය ඉදිරියට රැුගෙන යාමට එහි වෙසෙන පිරිස උනන්දුවනු දක්නට ලැබේ. බොහෝ කලාතුරකින් විටෙක එකී සම්ප‍්‍රදායන් බි`ද ඉදිරියට විත් සමාජ සංස්කෘතික සම්ප‍්‍රදායන් වෙනස් කරන දක්නට ලැබුනද වර්තමානයේ පවා බොහෝ විට පවතින සංස්කෘතික රාමුව තුලටම කොටු වී සංස්කෘතික සන්දර්භය පවත්වාගෙන යන අයුරු සියුම්ව අධ්‍යයනය කිරීමේදී පසක් වන කරුණක් වේ. විශේෂයෙන්ම එනිසාම ඇතැම් තැන්හිදී එහිි වෙසෙන පිරිස් ඊට අවනත නොවුවද ලද සංස්කෘතික සම්ප‍්‍රධායන් නිසාම තම සිතැ`ගියාවන් මෙන්ම තම ස්වාධීනතාවයෙන් යුතු ගමනක් යා ගත නොහැකිව පීඩනය දරා සිටින සමාජ කොට්ඨාශයක් පවතින එවන් සමාජයක ජීවත් වීමට සිදු වු කල තම අනන්‍යතාවය සමාජයෙන් ලබා දී ඇති බාහිර වටිනාකම් තකා තම ආත්මය පවා විටෙක පරීක්ෂණයකට භාජනය කොට ඒ හමුවේ අසරණ වන ජීවිත සමාජයේ දක්නට ලැබේ. මේ එවන් කතාවක් පිළිබ`ද පුර්විකාවකි.
සිනමාව යනු තිර පටයක් මත පතිත වන දර්ශන අප දෑස් මත පතිත කරන මාධ්‍යයක් පමණක්ම නොව එතුලින් මානව හැ`ගීම් ජිවිතය පිළිබ`ද දෘෂ්ටියක් මෙන්ම ජිවිතය විනිවිද දකින මාධ්‍යයක් බව අපට හ`දුනා ගන්නට ලැබේ.
්බමච ීසබටය විසින් අධ්‍යක්ෂණය කරන ලද ූසිි් චිත‍්‍රපටය ඔස්සේ ලොවට පසක් කරනුයේ විවිධ සංස්කෘතික සන්දර්භයන් තුළ ස්ත‍්‍රිය හා පුරුෂයාට ඇති වටිනාකම හා ඔවුන් එකී සමාජයේ තම පවුල තම නම්බුව මෙන්ම පරපුර රැුකගැනීම උදෙසා දියත් කරනු ලබන පීඩිත අරගලයේ පැතිකඩකි. ඉන්දීය සමාජයේ එක් පැතිකඩක් නිරූපිත මෙම චිත‍්‍රපටය තුලින් ඉන්දීය සමාජයේ කාන්තාවට හිමි තැන ඇගේ වටිනාකම පර්යේෂණයට බ`දුන් කරන අයුරු මෙන්ම ස්ත‍්‍රියට හිමි සමාජ සම්මත කරුණු මෙන්ම පුරුෂාධිපත්‍යය හමුවේ ස්ත‍්‍රියට සිදුවන ගැහැට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරු හා ඇයට ඇයගේ ස්වාධීනත්වය නොමැතිව පුරුෂ මත හමුවේ තම ජිවිතය පිළිබ`ද මහත් වු පීඩනයක් අභියෝගයක් තුලින් අතිශය දුෂ්කර ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන අයුරු ූසිි් චිත‍්‍රපටය තුලින් නිරූපනය වේ.
ඉන්දීය සාම්ප‍්‍රදායික සමාජයේ පිරිමින් විසින් සම්මත කරන ලදුව පවත්වාගෙන ආ සමාජ සම්මතයන් හමුවේ ස්ති‍්‍රයට එල්ල වන අභියෝග මේ තුලින් පෙනේ. සති පූජාව වැනි දරුණුතම ඛේදවාචකයන් සම්ප‍්‍රදායන් බවට පත් කොට එතුලින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කොට පති භක්තිය නම් සායමින් ජිවිතය වාරණය කරන්නට උත්සාහ දැරීම තුලම ඉන්දීය සමාජයේ කාන්තාවට හිමි තැන අධ්‍යයනය කල හැකි වේ.
ඉන්දියාවේ පමණක් නොව බහුතර ආසියාතික රටවල පොදු මතය වී ඇත්තේ කුටුම්භය තුල ස්ත‍්‍රියට වඩා පුරුෂයා ප‍්‍රමාණාත්මක වශයෙන් වැඩිවිය යුතුය යන්නයි. ඒ වෘත්තිය ,කාර්ය බෙදාදීම ,ශ‍්‍රම දායකත්වය, පරපුර රැුක ගැනීම, ආරක්ෂාව වැනි හේතු සාධක එහිදී මුල් කරගෙන තිබේ. නමුත් සියුම්ව සලකා බලන විට මේ සියලූ කාරණා හමුවේ ස්ත‍්‍රියටද පුරුෂයා හා සමානව කාර්්‍යයන් සිදු කිරීමට තිබේ. නමුත් ඒකාකෘත දෘෂ්ටියෙන් යුත් සමාජයන් හමුවේ කාන්තාව නිතැතින්ම අසරණ තත්වයට පත්ව තිබේ. ඒ ඇය ලද ලිංගිකත්වය පදනම් කොට ගෙනය.
ඉන්දීය සංස්කෘතිය තුල පුරුෂාධිපත්‍යය ප‍්‍රමුඛ කොට ගත් සමාජයක් හමුවේ පුරුෂයාට සාපේක්ෂව ස්ත‍්‍රියගේ වටිනාකම පහත් තත්වයට පත් කොට තිබේ. එහිදී විශේෂයෙන්ම පුරාණ සමාජ සම්මතය හා මිථ්‍යා විශ්වාස මත එල්බගෙන සිටීම තුල මේ ඉරණම ඉන්දීය කතුන් හමුවේ ඇති ප‍්‍රභල අභියෝගයකි. එවන් සමාජයක අයුක්තියට අසාධාරණයට පමණක් නොව තම මුලික අයිතිවාසිකම් පවා අහිමිව තමන්ට තමන් අහිමි ජිවිතයක් ලද කාන්තාවක් තේමා කොට ගත් චිත‍්‍රපටයක් ලෙස  ූසිි් චිත‍්‍රපටය හ`දුන්වා දිය හැකි වේ.
ූසිි් චිත‍්‍රපටයේ කතා තේමාව තුල පුරුෂාධිපත්‍යයට නතු සමාජයක් තුල කාන්තාවට හිමි තැන හා ලිංගික බෙදිම අනුව ඉන්දිය සමාජයේ ප‍්‍රමාණාත්මකව කාන්තාවට හිමි තැනත් පවුල් සංස්ථාව තුල කාන්තාවගේ අනන්‍යතාවය , ස්වාධීනත්වය අහිමිව යන හැටි හ`දුනාගන්නට ලැබේ.
තරංග


සුන්දර බණ්ඩාරවෙල අසුන්දර පැතිකඩක්


සතර දෙසින්ම කදු වලින් වට වී මිහිදුමෙන් වැසී පවතින්නා වුත් වසර පුරාම සෞම්‍ය දේශගුණයක් පවතින සුන්දර නගරයක් ලෙස බණ්ඩාරවෙල නගරය හදුන්වා දිය හැකිය. මේ නිසාම දේශිය මෙන්ම විදේශික සංචාරකයින්ගෙන් පිරී පවතින බණ්ඩාරවෙල නගරය සෑම දිනකම විශාල ජනගහනයකින් පිරී පවති. බණ්ඩාරවෙල නගරය පුරාම නෙත පිනවන දසුන් පැවතියද එහි අසුන්දර පැතිකඩක් නිරාවරණය කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.
බණ්ඩාරවෙල නගරය කදුකරයේ පවතින නගර වලින් සුවිශේෂි නගරයක් වන්නේ අන් නගර වලට සාපේක්ෂව පහසුකම් අතිනුත් ජිවත් වීමට සුදුසු කාලගුණික තත්වයකුත් පැවතීම හේතුවෙනි. මේ නිසාම විවිධ පැති වලින් පවා පිරිස් පැමිණ මෙහි නවාතැන් ගැනීමට මහත් ආශාවක් දක්වයි.
බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඉදිකොට ඇති දැවැන්ත සුපිරි වෙළද සංකීර්ණය මෑතකදී ඉදි කිරීමත් සමග නගරයට ගෙන ආවේ අමුතුම ආලෝකයකි. සෑම පහසුකමක්ම මෙන්ම එහි තුළට ගිය පසු තමන්ට අවශ්‍ය  ඕනෑම කාර්්‍යයක් වුවද පහසුවෙන් කර ගැනීමට හැකි නිසාම මෙම වෙළද සංකීර්ණයට බොහෝ පාරිභෝගික පිරිස් විශාල වශයෙන් පැමිණේ. මෙම වෙළද සංකීර්ණය නගරයේ පාරිභෝගික අවශ්‍යතා සලසන ස්ථානයක් වන අතරම මෑතක සිට නගරයේ නිකරුනේ කාලය ගත කරන පිරිස් මෙය තුළ කාලය ගත කිරීමට පැමිණිමත් සමග පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට ලක් වී ඇත.
එමෙන්ම ටියුෂන් පංති වලට යන මුවාවෙන් නිවෙස් වලින් පැමිණ මෙහි නිකරුනේ කාලය ගත කිරීමට දරුවන් පෙළඹිමත් සමග ඔවුන් නොයෙක් ආකාරයේ අපචාරමය කටයුතු වලට යොමු වීමක් දක්නට ලැබේ. ඉන් එකක් ලෙස මේ තුල පවතින ඉන්ටර්නෙට් කැෆේ තුළට ගොස් අසභ්‍ය දර්ශන බැලීමට කුඩා දරුවන් පෙළඔි ඇත. ඔවුන් තම දෙමව්පියන් තම වියදමට දෙන මුදල් මේ ස`දහා වැය කොට පංති වලට නොයා මේවා හරහා අසභ්‍ය දර්ශන බැලීමට මෑතක සිට යොමු වී තිබේ. පැයකට රුපියල් 60 ක් බැගින් ගෙවා මෙම පහසුකම් නිසා තරුණ , කුඩා පිරිස පමනක් නොව මහල්ලන්ද වර්තමානයේ මෙහි නිකරුනේ කාලය ගත කිරීමත් අසභ්‍ය දර්ශන බැලීමට යොමු වීමක් දක්නට ලැබේ. මෙය සංස්කෘතිකමය වශයෙන් ගැටළුවක් වී ඇති අතර අපචාර වලට යොමු වීමක්ද වේ.
එමෙන්ම බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඇති විශාල ක‍්‍රීඩා පිටිය හා ළමා උද්‍යානය නිතරම ජනයා ගැවසෙන ස්ථානයක් වේ. නමුත් තරුණ පිරිස් මෙහි ගැවසෙන්නේ මෙකි කටයුතු වලට අමතරව තවත් එක් අපචාරමය කටයුත්තකටය. එනම් කලක් සිට බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ ඇති විශාල ක‍්‍රීඩා පිටිය අසල ගණිකා සේවයක් ක‍්‍රියාත්මක වේ. පුදුමයට කරුණ වන්නේ මෙම ස්ථානයට නුදුරින් පොලිස් ස්ථානයක් පැවතියද ඔවුන්ගේ අවධානයක් මෙම කටයුත්ත කෙරෙහි යොමු වී නොපැවතීමයි. මෙම ස්ථානයේ පවතින  ගණිකා සේවය ප‍්‍රදේශයේ පිරිස් අතර ප‍්‍රසිද්දියට පත් කරුණක් වේ. ගණිකාවන් 07 ක් පමණ මෙහි රැුදෙන අතර ඔවුන් ප‍්‍රවාහනය කිරීමට ත‍්‍රිවීල් කරුවන් හා ඔවුන්ට පහසුකම් සැපයීමට විශේෂ වු හෝටල් හා කාමර පහසුකම් ලබා දෙන පිරිස්ද නගර මධ්‍යයේ සිටී.
විශේෂයෙන් මේවාට දේශපාලන මෙන්ම නීතියේ කිසිදු බලපෑමක් සිදු නොවන අතර ප‍්‍රදේශවාසින් මේ ගැන මහත් කනස්සල්ලෙන් පසු වේ. ප‍්‍රසිද්ධ ජාතික පාසලක් ඒ අසලම පැවතීමත් ළමා උද්‍යානයක් පැවතීමත් නිසා දෙමාපියන් පවසන්නේ මෙම කටයුත්ත නිසා පාසල් ළමුන් හා උද්‍යානයේ කාලය ගත කරන දෙමාපියන් මහත් අපහසුතාවයට පත් වී ඇති බවයි. එමෙන්ම මේ ස්ථානයෙන් ගමන් ගන්නා බොහෝ පිරිසගෙන් මෙම කටයුත්තට දෝෂාරෝපනය එල්ල වේ.
එමෙන්ම සුන්දර බණ්ඩාරවෙල අසුන්දර කරන තවත් එක් කටයුත්තක් වන්නේ නගරය පුරාම සිටින හි`ගමන් යදින පිරිස හා සාස්තර කියන පිරිස නිසාවෙනි. කල්ලි වශයෙන් ජිවත් වන මොවුන් බණ්ඩාරවෙල පුස්තකාලය හා ඔරලෝසු කණුවත් අසලත් නවාතැන් ගෙන සිටින අතර සංවිධානාත්මක කටයුත්තක් ලෙස මෙම ක‍්‍රියාවලිය හ`දුන්වා දිය හැකිය. විශේෂයෙන්ම කලක් තිස්සේ මොවුන් මෙම කටයුත්ත කරගෙන යන අතර පදික වේදිකාවේ ගමන් ගන්නා පිරිසටත් නගරයට පිවිසෙන ජනතාවටත් මෙය ඉමහත් කරදරයක් වී ඇත.
 එමෙන්ම මෙම හි`ගමන් යදින පිරිස උදේ පැමිණ සවස යන අතර මොවුන් හැසිරවීමටද පිරිසක් සිටී. ඔවුන් ජාවාරමක් ලෙස මෙය ක‍්‍රියාත්මක කරගෙන යන අතර එක් සංවිධානාත්මක කල්ලියක් යටතේ මොවුන් පාලනය වේ. එම නිසා මෙම කල්ලි වල නායකයින් මොවුන් හිගමනේ යොදවන අතර ප‍්‍රවාහන පහසුකම් හා ආහාර ලබා දෙන අතර හිමි වන මුදලින් භාගයක් අය කර ගන්නා බවද පැවසේ.
බණ්ඩාරවෙල නගරයේ පාසැල් ඉලක්ක කොට ගෙනද ජාවාරම් කරුවෝ සිය අපචාරමය ක‍්‍රියාවන් මෙහෙවනු ලබයි. විශේෂයෙන්ම ජාතික පාසැල් අසල පාසැල් නිම වන වේලාවන්හිදී මත් ද්‍රව්‍ය හා අසභ්‍ය සීඩි තැටි විකුණන දැවැන්ත ජාවාරමක් සිදු වේ. ඇතැම් පාසැල් ලමුන් මීට හසුවී තිබෙන අතර නිතර මෙකී පාසැල් අසල පොලීසියෙන් රැුදෙන නිසා මොවුන්ට තම ව්‍යාපාර කරගෙන යාමට අභියෝගයක් එල්ල වී ඇත. එමෙන්ම   බණ්ඩාරවෙල නගරයේ පාසැල් නිම වන වේලාවන්හිදී නගරයේ නිකරුනේ කාලය ගත කරන තරුණ පිරිස් පාසැල් ළමුන් ප‍්‍රවාහනය ස`දහා ඇති බස් අසළ රැුදී සිටීමත් ඔවුන් විසින් ල.ං.ග.ම බස් තුළද නිකරුනේ රැුදී සිටීමත්  විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට මහත් අපහසුතාවයක් දෙන කරුණක් වී තිබේ. මොවුන්ගේ නොමනා විහිළු හා කි‍්‍රයාදාමයන් නිසා ශිෂ්‍යාවන් නොයෙකුත් හිංසා පීඩා වලට ලක් වන බව මෙම බස් වල යන වැඩිහිටියන්ගේ අදහස වේ.
නව දේශපාලන නායකත්වයකින් යුතුව දිනෙන් දින සංවර්ධනය වන බණ්ඩාරවෙල නගරයේ සිදුවන මෙවැනි අපචාර කටයුතු හා ¥ෂණ ක‍්‍රියාවලීන් නීතියේ ඇස් වසා කරන ජාවාරම් මැඩලා වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම බලධාරීන්ගේ යුතුකම වේ. එවිට සොදුරු බණ්ඩාරවෙල පුරවරය පෙනුමින් පමණක් නොව යහපත් සදාචාර සම්පන්න පුරවරයක් වනු ඇත.
තරංග

Monday, June 15, 2015

ජිවිතයට තවත් පාඩමක්








අභියෝගයක්-තහනමක්
වාරණයක්
සැබෑය අප අත වරදක්
එනමුදු
දනීනම් සැබෑ තතු...

නොඅනුමානය
ඇතිවනු අනුකම්පාවක්
පන්නරයක්
ජිවිතයට තවත් පාඩමක්

එදවස එන තෙක්









කාසි පනම් නැතිමුත් අපේ දිවියේ
හැකි පමණින් ඔබෙ දිවිමං තැනුයේ
මටත් අහිමි වු මගේ ළමා විය
ඔබෙන් දකින්නට මා පිං කෙරුවේ
වැරහැලි ඇන්දත් දියණි අප අද
කෙදිනක ඔබ වෙනු ඇත නිති රැජිණි
එදවස එන තෙක් මා නොමියැදී
එයයි මගේ නිර්වාණය මෙලොවදි

පච ගහ









හිදි නිසලව නුඔ
අහස පරයා නැගි සිට
සදයි සිසිසල නිතොර
කැලණි සරසවි බිමේ
අතු පතර සරහා
නැගෙන සුවිසල් දැනුම
රකියි රටකට මහා වියොතුන්
නිබද ඔබ පායුග සිනහා විහිදන
පෙම් කෙලින සියොතුන්
ඔබය මහරජ මෙබිමේ මනකල්


Saturday, June 13, 2015

මහැඳුරුතුමා











ලොකු පොත් කියවමින
 
ගුහාවක සැගවමින
 
හඩක් නිති නැති
 
බිත්ති හතරක් තුළ
 
ලොවෙහ නිම් නැති දැනුම සොයමින්
 
අතරමං වී මහැදුරුතුමා
 
දිනෙන් දින එති වයස් ගෙවි යති
 
අහෝ දුකකි
 
නොමැති අඹු දරුවන්
 
විදිනට සෙනෙහෙ පිං නැති
 
පොතක් තුළ සිරවී
 
නොඇසෙත් බිළිදු සිනහවන්
 
එක්කරත් විශ්වය අතැඹුලක් සේ
 
පලක් නැත ඔබේ දිවිය පාමුල
 
අනේ අපගේ මහැදුරුතුමා
 

තරංග කුමාර
 
 
 

වරදට දඩුවම












වරදට දඩුවම
මල්සර හී වැදී
පෙම් ලොව සුව විදි
නැගණිය දුටුවද මහිමය දිවියේ
හැගුම් දැනීම් විපුලිත පෙම් වයසේ
නුඔත් වුනා මිලිනව වු මලසේ
දවස් ගියත් එකසේ පෙර ලෙසිනම
ලතෙත් දයාබර පෙම කොහි ඔබගේ
දිනක් ඇවිත් ඔබ දැන් මව් විලසින
සිටිත් දුවක් ඔබ රුව පෙර විලසින
මතක් වුවත් සිදු වු ඒ අදුරම
ඵලක් නොමැත කිලිටිය සුදු පිරුවට
දිනක් අවොත් එය ඒ පෙර විලසින
දුවක් මවක් ලෙස යනු පෙර මගටම
නොදෙත් නිදහසක් ඒ පාහාරයනට
ගනිත් කඩුව කප බෙල්ලම මුලිනම







නුඹයි හිරු සදු ලොවක් එළිකල







ඔබට ඔබ අහිමි
නමුත් අපට ඔබ හිමි
අහස නුඔ වැනි
තරු කැට අපට අයිති
දායාර්දිත පෙම් ක්ෂීර සාගර
කළඹවයි ඔබේ සිනහා ම`දවන්
ලොවක් ඔබෙ උකුලේ
සතපවයි මුදු දෑත් අතරේ
ලොවට මා එපා වී
නමුදු මා ඔබෙ ජීවිතය වී
සතුට සැනසුම නුඹම වී
නුඹයි හිරු සදු ලොවක් එළිකල
මව්නි මාගේ
     තරංග කුමාර


කොන්කී‍්‍රට් වනාන්තරේ අපි

 


      



ඔබ දන්නවද අප ජිවත් වන්නේ සුළු කාලයක්  නමුත් ඒ සුළු කාලය තුළ අපට ඉටු කල යුතු යුතුකම් වගකීම් මෙන්ම ජිවත් වීම සදහා යම් කිසි වෘත්තියක නියැලෙන්නටත් සිදු වෙනවා නමුත් දිනෙන් දින අප මානසික වශයෙන් තෘප්තිමත් නොමැති භාවයට පත් වී තිබෙන්නේ කාර්ය බහුල ජිවිතයකට හිර වෙලා නිසයි

    ඒත් එකක් කියන්න පුළුවන් ඒ තමයි අපි කොතරම් කාර්ය බහුල වුනත් සිත සැහැල්ලූ කර ගන්න අපට දවසේ මොනයම් හෝ වෙලාවක් වෙන් කරවා ගන්න පුළුවන් ඒ චිත‍්‍රපටයක් බලලා වෙන්න පුලූවන් හවසට පිට්ටනියට ගිහින් සෙල්ලම් කරලා වෙන්න පුලූවන් නැතිනම් දු දරුවන් සමග තමන් අදහන ආගමානුකූල ක‍්‍රියාවක නිරත වෙලා වෙලා වෙන්න පුලූවන්
        කොන්ක‍්‍රීට් වනාන්තරේ දිනෙන් දින දුෂණයට පත් වෙනවා කියන එක ආයෙමත් අමුතුවෙන් කියන්න  ඕන දෙයක් නෙවෙයිනි ඉතිං අපිට පුලූවන් විදිට අපි පැළයක් සිටුවීම අනාගතයට කරන ආයෝජනයක් කිව්වොත් මා නිවැරදියි වර්තමානයේ අපි ශරීරයට එක් කරගන්න බහුතර ආහාර වර්ග විෂ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැකි පමණ පිරිසිදු එළවළු පළතුරු ආහාරයට ගැනීමට පුරුදු වීමත් ව්‍යායාම හා මානසික තෘප්තිය ලගා කර ගැනීමත්  තුලින් අප හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ශක්තිය ලගා කර ගත හැකිය
ඉතිං යාළුවනේ දවසින් දවස විනාශ වන පරිසරය රැක ගැනීමටත් තමන්ගේ ශරීර සුවතාව ගැනත් මීට වඩා අපේ අවධානය යොමු කල යුතුය කියලා හිතෙන්නේ නැද්ද?
     තරංග කුමාර

Friday, June 12, 2015

පොලිස් සෙල්ෆිය

 

 
 
 
 
 
 
 
 
 
 


යාළුවනේ මේක ඔයාලට කියන්නට කියලා හිතුනේ මේ දවස් වල හැමතැනම කතාබහ වෙන අලූත් දෙයක් කියලා හිතන පොලිස් සෙල්ෆිය ගැනයි තමන් වරදක් කරලා අහු වුනාම ඒ මොහොතෙත් විනෝදයක් ගන්නටත් නීතිය හෑල්ලූවට ලක් කරලා වැරදි ආදර්ශයක් දෙන්නටත් මේ ක‍්‍රියාව හේතු වෙලා තියෙනවා


හිතලා බලන්නකෝ මෙහෙම ජායාරූප අරන් ෆේස්බුක් එකට දැම්මම අර පොලිස් නිලධාරියාට යන තත්වය මොකද්ද කියලා නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරියෙක්ගේ මෙහෙම ජායාරුප අරන් දානවට වඩා හො`ද නැද්ද වැරදි කරන අල්ලස් දුෂණ ගන්න නිලධාරියෙක්ගේ ජායාරූපයක් මෙහෙම දාන එක

ඉතිං තමන් වරදක් කරලා ඒක මුලූ ලෝකෙටම පෙන්නන්න දාලා ආතල් එකක් ගන්නවද එහෙම නැත්නම් මෙහෙම වැරදි ආදර්ශ නොදී හො`ද දෙයක් කරනවද කියලා හිතන්න ජායාරූපයකින් බොහෝ දෙයක් කල හැකි බව සැබෑය එහෙත් එය අර්ථවත් වීමයි හො`ද එතකොටයි තමන් ගැන හො`ද ප‍්‍රතිරූපයක් හැදෙන්නේ

Monday, June 8, 2015

දිවැස් හෙලනු මැන නිවී යන්නට මත්තෙන්














විල් තෙරේ පියුම් නොපිපුනත්
ඔබ පා යුග වදින්නට
නිකැලැල් නොම වුනද
අවැසිය සරසියට නුඔ තවමත් දේවී
කිළිටිය පූජාසනය
නොමැත නේක වර්ණ පුෂ්පයන්
එනමදු
දැවී යන්නට මත්තෙන් පහන් සිළු
දුරලන්නට මෝහාන්ධකාරය
දිවැස් හෙලනු මැන තත් හඩවා වීණා
සරස්වති දේවී

Sunday, June 7, 2015

සයිබර් අවකාශයේ අතරමං නොවන්නට

 

 

 

 

 

 

 

ඔබ දන්නවද අන්තර්ජාලය මුල්කොට බිහිකර ඇති සමාජ මධ්‍ය ආකර්ශණීය සන්නිවේදනමය පාර්ශවයෙන් කොතරම් වාසි දායක වුවත් අපි ඒ තුල අනාරක්ෂිත බව අන්තර්ජාලයට අපගේ තොරතුරු ලබා දී සමාජ මාධ්‍ය ගිණුමක් ඇරඹීම තුළම අපේ පෞද්ගලිකත්වය අප විසින්ම අනාවරණය කර තිබේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල ආචාර ධර්ම රැුක ගැනීම තමන් සතු කාර්යයක්ම වුවද සියලූ දෙනාම ආචාර ධර්මිය පදනමකින් කටයුතු කරයි යනුවෙන් සිතිය හැක්කේ කාටද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍යය නිසාම ජිවිතයෙන් වන්දි ගෙවු අපේ රටේ කී දෙනෙක් ඉන්නවද? මානසික ආතතිය ලිංගික අපචාර විවහා ජිවිත දෙදරා යාම් මෙන්ම සංස්කෘතික පරිහානියට හේතු වු බොහෝ දේවල් මේ නිසාම ව්‍යාප්ත වී තිබෙන බව සුලභ කරුණකි

ඒ නිසාම සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළ තමන්ගේ ආරක්ෂාව පෞද්ගලිකත්වය රැක ගැනීම තමන් සතු කාර්යයක්ම වී තිබේ  ඕනෑම කෙනෙකුට නිදහසේ අදහස් දැක්වීමේ හැකියාව මේ තුළ තිබීම නිසාම එය අනිසි ලෙස භාවිතා කරන්නන් විකෘති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිස් නිසාම දිනෙන් දින මෙය අපරාධ රැල්ලකට අත වනන බව හෙළි වේ

අන්තර්ජාලය දැනුම රැස්කර ගැනීමට සන්නිවේදන කටයුතු වලට ඉතා පහසු මෙන්ම තොරතුරු රැුස්කර ගත හැකි දැනුම් ගබඩාවක් වනවා මෙන්ම මේ තුලින් ජිවිත පරිහානිය අත් කරගත හැකි වන්නේද තමන්ගේම ක‍්‍රියා කලාපය තුලිනි එනිසා දැන දැන වරදේ පැටලෙනවාද වැරදුන තැනින් පටන් ගන්නවාද වැටෙන් නැතුව යනවද කියලා තීරණය කරන එක තියෙන්නේ තමන්ගේම අතේමයි කියලා හිතලා වැඩ කරන එක තමයි හොදම දේ