Wednesday, May 27, 2015












එදා ඉන්දියාවේ අද විද්‍යාට හෙට...............?

මනසින් උසස් නිසාලූ මනුෂයින්ට මිනිසා කියන්නේ ඒත් එහි සැබෑ අර්ථය ගැන දෙවරක් සිතා බැලිය යුතු කාලෙක නොවෙද අපි ඉන්නේ කියලා හිතෙන්නේ දිනෙන් දින සිදුවන අපරාධ ගැන අහන්න ලැබෙන කොටයි. පෙම්වතියට තෑගි දෙන්න අම්මා මරනවා, මවගෙන් පලි ගන්න දුව දුෂණය කරනවා. මේ සියලූ අපරාධ වලට හේතුව මෝඩකම කියලා හිතෙන්නේ නැත්ද? ඉන්දියාවේ දැරියක් සමූහ දුෂණය කරපු වෙලාවේ මතවාදීමය වශයෙන් හා නීතිමය වශයෙන් ශක්තිමත් වෙලා එරට ජනතාව ස්ත‍්‍රි දුෂණයට විරුද්ධව හ`ඩ නැගුවා මතකද? අද ඒ තත්වය අපේ රටේ ඇතිවෙලා දිනපතා පුවත්පත්වල ස්ත‍්‍රි දුෂණ ,ළමා අපචාර දිනපතා වාර්තා වෙනවා නමුත් අපරාධ සිදුවීමේ ප‍්‍රවණතාවය දිනෙන් දින ඉහල යනවා අපරාධකරුවනුත් නිදැල්ලේ තමන්ගේ වැඩ කරන්නේ තවමත් අපේ රටේ මේ සම්බන්ධව ප‍්‍රභල ලෙස හ`ඩක් නොනැගෙන නිසා.

යාපනේ විද්‍යා වගේ දැරියන් කී දෙනෙක්ට මේ තත්වය තව උදා වෙයිද තව සතියකින් හමාරකින් මේ ගැන හැමෝටම අමතක වෙලා යයි ඒත් විද්‍යාගේ දෙමාපියන්ට මේ ගැන අමතක කරන්න් පුඵවන් වෙයිද අද විද්‍යාට වුන දේ හෙට මගේ දුවට ඔබේ සහෝදරියට වෙනකම් ඉඩ දී බලා ඉන්නවද කියන තීරණය ඔබේ අතේ විද්‍යා වෙනුවෙන් පහන් දල්වලා ආශිර්වාද කලා උත්ඝෝෂණ පැවැත්වුවා නමුත් මෙයින් පමණක් ඇයගේ ආත්මයට සැනසීමක් ලැබෙයිද?


මා සිතනා පරිදි අපරාධ වල වර්ධනයට අපේ රටේ මාධ්‍ය භාවිතයද එක් වගකිව යුතු පාර්ශවයකි. අපරාධ වාර්තාකරණය සිදු විය යුතු වුවද එහි ආචාර ධර්මීය ගුණය කෙරෙහි අවධානය අනිවාර්යයෙන් යොමු කල යුතුයි. විද්‍යා ස්ත‍්‍රි දුෂකයින් අතින් එක් වරක් දුෂණය වුවද රටේ සියලූ මාධ්‍ය තුළ විශේෂයෙන් නව මාධ්‍ය තුළ ඇය සිය දහස් ගණනින් නැවත දුෂණයට ලක් වුනා මාධ්‍ය ආචාර ධර්ම ගැන නොසිතා ළමා අපචාර ස්ත‍්‍රි දුෂණ ගැන වාර්තා කරන විට ඔවුන්ගේ අනාගතය මෙන්ම ඔවුන්ට සමාජයෙන් අත්වන ඉරණම ගැන නොසිතන වාර්තාකරණය ඇතැම් විට නාට්‍යානුසාරයෙන් රසවත් කතාවක් වගේ කියනකොට කුතුහලයෙන් නරඹන කෙනා දුෂණය සිදුවන තෙක් මානසිකව අපරාධයට නිතැතින්ම පොළඹවනවා

අපට අහිමි වුනේ දැරියක් පමණක් නොවේ ඇය දෙමාපියන්ට සෙනෙහෙබර දියණියකි අනාගතයේ බිරි`දක් මවක් එනිසා මෙවැනි අපරාධ කරුවන්ට දිය යුතු දඩුවම ගැන ඔබම තීරණය කරන්න ඔබ ඔබේ පුතාට පෙම්වතාට සැමියාට පියාට කියාදෙන්න කාන්තාව තමන්ගේම සහෝදරියක් පෙම්වතියක් බිරි`දක් මවක් මෙන් රැුකගන්නා ලෙස එවිට විශ්වය තැනුනේ හිරුගේ රශ්මියෙන් හා මව්ගේ කිරින් යන සනාතන ධර්මය ලෝකයාටම පසක් වනු ඇත

2 comments: